දේශපාලන පක්ෂ 6ක් එකතු වී උතුර, නැගෙනහිර සහ මලයගම් ඇතුලු දෙමළ භාෂාව කතා කරන ජනතාව මුහුණ දෙන පොදු ගැටලුවලදී එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇත.
කොළඹදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි ඔවුන් මේ බව සඳහන් කරයි.
ඉලංගෙයි තමිල් අරසු කච්චි, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය යන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්විය.
සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සන්ධානයේ ප්‍රධාන පක්ෂ වන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.
තවද එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමාන් ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.
