By unusuma.lk on
(LK time)අද පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇතැම් මාධ්‍යවේදීන් විසින් තමන්ට ලබාදී ඇති අවස්ථාවන් උල්ලංඝනය කරමින් අනෙකුත් මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා නොදී අමාත්‍යවරයාගෙන් නොනවත්වා ප්‍රශ්න කළහ.
මෙම තත්වය දිගින් දිගටම දක්නට ලැබුනු අතර ඊට පිළියමක් ලෙස රජයේ මාධ්‍ය අද්‍යක්ෂ ජනරාල්වරයා එක් එක් මාධ්‍යවේදීන් සඳහා අවස්ථාව බැගින් ලබා දී තිබුනද ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීන් ඊට අවනත නොවී ජේෂ්ඨ මාධ්‍යවේදීන්ට පවා අවස්ථාව නොදී අවිනීත ලෙස හැසිරෙනු දක්නට ලැබුනි.
මේ හේතුවෙන් ඉදිරියේදී කැබිනට් මාධ්‍ය හමුව යම් යම් සීමා පැනවීම්වලට යටත්ව පැවැත්වීමට රජයේ අවධානය යොමු වී තිබේ.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඉදිරියේදී මාධ්‍යවේදී හැඳුනුම්පත ඇති අය පමණක් කැබිනට් මාධ්‍ය හමුවට සම්බන්ධ කරගැනීමට අවධානය යොමු වී ඇති බවයි.
තමන් කැබිනට් මාධ්‍ය හමුවට පැමිණෙන්නේ කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීන්දු තීරණ දැනුම්දීමට බවද පැවසූ ඔහු ඒවා සම්බන්ධයෙන් පැන නගින ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය වෙනත් ප්‍රශ්න කිහිපයක් පමණක් විමසිය හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.