2024 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ක්රීඩකයෙකු තරග පාවාදීමට පෙළඹවීමේ චෝදනාව පිළිගත් දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන තමීන් රහුමාන්ට රුපියල් මිලියන 24ක දඩ මුදලක් නියම කිරීමට අධිකරණය නියෝග කර ඇත.
මෙම නඩුවේදී තමීන් රහුමාන්ට තරග පාවාදීම සම්බන්ධයෙන් ඇති චෝදනාව පිළිගෙන ඇති අතර ඔහුට වසර 4ක සිරදඬුවමක් නියම කර එම දඬුවම වසර 5ක කාලයකට අත්හිටුවීමටද අධිකරණය තීරණය කර ඇත.

