LIVE
By unusuma.lk on [last-modified] (LK time)
ඉදිරි දින කිහිපයේදී මෙරට තුළ ඇතිවිය හැකි සුළි කුණාටුවක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ලබන 4 සහ 5 යන දෙදින තුළ වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි නමුත්, ඉන් විශාල බලපෑමක් සිදුනොවනු ඇති බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.
මේ අතර, ජල ගැලීම් පවතින ස්ථාන නැරඹීම සඳහා දරුවන් රැගෙන යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ජල ගැලීම්වලින් අනතුරුව විවිධ රෝග ව්‍යාප්ත වීම හමුවේ දරුවන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන ලෙසයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ.





