මහ රෑ වෙඩි පත්තු වෙයි.. පුද්ගලයෙක් මරුට

අද (02) දින රාත්‍රියේ ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ කප්පල්තුරෙයි මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියගොස් ඇත.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

වෙඩි තැබූ පුද්ගලයින් සොයා මේ වනවිට පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel