ලෝක බලවතුන් මුහුණට මුහුණ හමුවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පළමුවරට හමුවීමක් චීනයේ ෂෙන්ජෙන් නුවරදී සිදුවී ඇත.

ආසියා-පැසිෆික් නායකයින්ගේ සමුළුවකට සහභාගී වීම සඳහා ජනාධිපති ට්‍රම්ප් එරටට පැමිණි අතර එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං විසින් ඔහුව ගුවන් තොටුපළේදීම ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්, රුසියානු ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං යන නායකයන් තිදෙනා අතර සාකච්ඡා පැවැත්වීමයි.

APEC සමුළුවට සමගාමීව පැවැත්වෙන මෙම හමුවේදී යුක්රේන හා ඉරාන ගැටුම්, න්‍යෂ්ටික ප්‍රගුණනය, වෙළඳ මතභේද සහ කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel