LIVE
By unusuma.lk on [last-modified] (LK time)
විපතට පත් ජනතාව වෙනුවෙන් ආහාර, කූඩාරම් ඇතුළු මානුෂීය ආධාර තොගයක් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද (02) අලුයම මෙරටට ළඟා විය.
කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා (මැදපෙරදිග) සෙව්වන්දි ද සිල්වා, මේජර් ජෙනරාල් සුමේධ විජේකෝන්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල වෙත එම ආධාර තොගය නිල වශයෙන් බාරදී ඇත.





