Advertisements

සියලුම දෙනාගේ ඒකායන ප්‍රාර්ථනාව අපි එකතු වීමයි

LIVE

ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සඳහන් කරයි.

එනිසා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ අවශ්‍යතාවයක් බවද හිටපු මන්ත්‍රී නවීන් දිසානායක සඳහන් කරයි.

පක්ෂ දෙක අතර පවතින එකමුතුකම සම්න්බන්ධව රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡා සිදුව ඇති බවද නවීන් දිසානායක සඳහන් කරයි.

ඒ අනුව සියලු දෙනාගේ ඒකායන ප්‍රාර්ථනාව පක්ෂ දෙකෙහි එක්වීමත් බවත් මෙම පක්ෂ දෙක ඒකාබද්ධවී මෙරට ප්‍රධාන පෙළේ විපක්ෂය බවට පත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවද නවීන් දිසානායක සඳහන් කරයි.

අද (15) නුවරඑළියේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවීන් දිසානායක මේ බව සඳහන් කරයි.

2 Comments
Most Voted
Newest Oldest