හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වූ උපාලි ගුණරත්න අභාවප්රාප්ත වී ඇති අතර ඔහු අභාවප්රාප්ත වනවිට වයස අවුරුදු 72කි.
ශ්රි ලංකා නිදහස් පක්ෂයේ දොම්පේ ආසන සංවිධානායකවරයා ලෙස කටයුතු කළ උපාලි ගුණරත්න 1994 සිට 2000 පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකු ලෙස කටයුතු කළේය.
අනතුරුව ඔහු ශ්රී ලංකා රූපවාහනි සංස්ථාව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සතොස යන ආයතන වල සභාපති ධුරය හෙබවූයේය.
උපාලි ගුණරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) පස්වරුවේ දෙකටන නාමළුව පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
