ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල පත්කරනු ලැබ ඇත.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල වෙත අද (29) දින ප්රදානය කරන ලදී.
2026 නොවැම්බර් මස (02) වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදුකර ඇත.
මෙම පත්කිරීමට පෙර මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ ව්යවහාරික විද්යා පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස සේවයේ කළේය.
