වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම්දීමක්.!

වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි මාස තුන ඇතුළත වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ටෙන්ඩර් කැදවීමෙන් අනතුරුව ආයතනයකට ලබාදී ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහිටි ප්‍රධාන කාර්යාලයට අනුබද්ධව වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කඩිනමින්, අදාළ වාහන සඳහා අංක තහඩු නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest