අද මධ්‍යම රාත්‍රියේ සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය පමණක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

අද (18) දින මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් මස (23) මධ්‍යම රාත්‍රීය දක්වා බස්නාහිර පළාතේ බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන බව බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ කාලය තුළ ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබූ සියලු වාහන සඳහා දඩ මුදල් අය කිරීමකින් තොරව නොවැම්බර් මස (25) වනදා සිට (27) වනදා දක්වා ආදායම් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රෝණික පද්ධතියේ තාක්ෂණික යාවත්කාලීන කිරීමක් හේතුවෙන් එම සේවාව අදාළ කාලය තුළ මෙලෙස අත්හිටුවා ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel