ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස බලකරමින් විහාර මහාදේවි උද්‍යානයේ පැවති විරෝධතාවයේදී නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්ගෙන් කුරුඳුවත්ත පොලීසියට නියෝග කර ඇත.
විහාර මහාදේවි උද්‍යානයේ රැදී සිටි ස්වාමීන් වහන්සේලා සහ සිවිල් ක්‍රියාකාරීන් අධිකරණ නියෝග නොතකමින් අඛණ්ඩව විරෝධතාවේ නිරත වු අතර එම විරෝධතාව අතරතුර කිසිදු නීත්‍යානුකූල අවසරයක් හෝ බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර ඇති බව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.
අනතුරුව ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා, බලපත්‍ර රහිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කළේය.
