වනිඳු හසරංගට වෙච්ච දේ.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය (08) වැනිදා පැවැති තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුවිය.

MRI පරීක්ෂණයකට මුහුණ දුන් වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය සුව නොවී ඇති බවට තහවුරු වීම හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුවිය.

ඒ අනුව වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබාදී ඇත.

මේ වනවිට දුෂාන් හේමන්ත එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක් ක්‍රීඩා කර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest