උදෑසන ආහාරය විෂ වෙයි.. පාසල් ළමුන් 35ක් රෝහලට

අද (17) දින උදෑසන ලබාදුන් ආහාරය විෂ වීම හේතුවෙන් ළමුන් 35 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

වටවල, ටෙම්පල්ස්ටෝ වතුයායේ පාසලක දරුවන් ආහාරය අනුභව කිරීමෙන් පසු ඇති වූ වමනය, ක්ලාන්තය සහ පපුවේ වේදනාව හේතුවෙන් රෝහල්ගත කර ඇත.

පාසලේ 3 වැනි ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ළමුන් මෙලෙස රෝගාතුර වී ඇති අතර රෝහල්ගත කළ ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

උදෑසන ආහාරය සඳහා බත්, අල, බීට්රූට් ව්‍යංජනයක් සහ පලා වර්ගයක් ලබාදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel