පැය 22ක ජල කප්පාදුවක්.!

අද (08) දින සිට පැය 22ක ජල කප්පාදුවක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව අද (08) පෙරවරු 6.00 සිට පසුදින (09) පෙරවරු 4.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

අස්ගිරිය (නගර සභා බලප්‍රදේශය), වේගිරිය, පල්ලෙමුල්ල නව / පැරණි, යටිහලගල, කොණ්ඩදෙණිය, රජපිහිල්ල සේවා ජලාශය, මැදවල (පැරණි )සේවා ජලාශය යන ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

කහවත්ත, කුරුගොඩ, බුලුගොහොතැන්න, ගිරාකඩුව, කහල්ල, තෙලඹුගහවත්ත, නුගවෙල, බලනගල, මැදවල (නව) සේවා ජලාශය, ගලගෙදර, මාවතගම යන ප්‍රදේශයේ සඳහා ද ජල සැපයුම අත්හිටුවයි.

පොල්ගොල්ල ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest