මේ වනවිට කැලණි ගඟ ද්රෝණියේ ඉහළ ධාරා ප්රදේශ වලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇත.
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තු ජල මාපක දත්ත විශ්ලේෂණය මත ඉදිරි පැය 24 තුළ කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා ඇත.
රුවන්වැල්ල, සීතාවක, දොම්පෙ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් පහත්බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස දැනුම් දෙයි.
මේ අතර අත්තනගලු ඔය ද්රෝණියේ ඉහළ සහ මධ්ය ප්රදේශ වලට ලැබී ඇති අධික වර්ෂාපතනයත් සමඟ, බස්නාගොඩ ජලාශයේ වාන් දොරටු විවෘත කර ජලය මුදාහැරීම හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ගංඟා ජල මාපකවල දත්ත විශ්ලේෂණයට අනුව, ඉදිරි පැය කිහිපය තුළ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්රදේශ වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතියි.
ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන, වත්තල යන ප්රදේශීය ලේකම් කොට්ඨාශ සඳහා අවදානමක් පවතියි.
මෙම තත්ත්වය හමුවේ අදාළ ප්රදේශවල පදිංචි ජනතාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම ප්රදේශ හරහා ගමන් ගන්නා රියැදුරන් ප්රවේශම් වන ලෙසද ඉල්ලා සිටියි.
