පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 10,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරයි.
දිස්ත්රික්ක 12ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 57ක පවුල් 2,736කට අයත් පුද්ගලයින් 10,545 දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරයි.
ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ප්රදීප් කොඩිප්පිලි සඳහන් කළේ,
“දිස්ත්රික්ක වශයෙන් ගත්තහම අම්පාර, කොළඹ, ගම්පහ, යාපනය, කළුතර, මහනුවර, කුරුණෑගල, මාතර, පුත්තලම, රත්නපුර, මන්නාරම, ත්රිකුණාමලය යන දිස්ත්රික්කවල මේ මස (23) වැනිදා පටන් ඇති වූ වැසි සහිත තත්ත්වය සමඟ පුද්ගලයින් 10,545 දෙනෙකු පීඩාවට පත්වීම වාර්තා වුණා.
කොළඹ දිස්ත්රික්කයේ ආරක්ෂිත ස්ථානයක් පවතිනවා. එහි පුද්ගලයින් 27 දෙනෙකු රඳවා සිටිනවා. රත්නපුර දිස්ත්රික්කයේ ආරක්ෂිත ස්ථාන දෙකක පුද්ගලයින් 33 දෙනෙකු රඳවා ඇති අතර, මන්නාරම් දිස්ත්රික්කයේ ආරක්ෂක ස්ථානයක පුද්ගලයින් 122කු ඇතුළු පුද්ගලයින් 182ක් තාවක්කාලිකව එම ස්ථානවල රඳවා සිටිනවා.
නිවාස අර්ධ හානි 215ක් වාර්තා වී ඇති අතර, පුත්තලම ප්රදේශයෙන් දියේ ගිලී මියයෑමක් වාර්තා වුණා අවුරුදු 56ක අයෙක්. ගතවු පැය 24 තුළ කිලිනොච්චිය, මන්නාරම, යාපනය, මුලතිව් සහ කළුතර දිස්ත්රික්කවල මි.මී 100ක් වැසි වාර්තා වුණා”
