By unusuma.lk on
(LK time)කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (30) දින දහවල් 12.30 දක්වා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රතු නිවේදනය නිකුත් කර ඇත.
ඉහළ මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙන අතර ඉහත ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වෙන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.