වට්ස්ඇප් තෑගි පෙන්වා රුපියල් ලක්ෂ 14ක් වංචා කළ කාන්තාව මාට්ටු

වට්ස්ඇප් සමූහය මගින් වටිනා තෑගි පාර්සලයක් ලබාදෙන බව පවසා රුපියල් 1,455,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කෙරුණු අතර එහිදී මෙම සැකකාරියගේ ගිණුම වෙත අදාළ මුදල් බැරකරවා ගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණි.

ඒ අනුව ඊයේ (30) දින උදෑසන කටුනායක ගුවන්තොටුපොළ මගී පර්යන්තයේදී ඉහත වංචා කිරීමට සම්බන්ධ 46 හැව්රිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාරිය විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel