ගෝලීය තෙල් සැපයුම යළිත් හිස ඔසවයි

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් බිඳවැටුණු ගෝලීය තෙල් සැපයුම යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ‘ඔපෙක්’ හෙවත් ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය සඳහන් කරයි.

2026 වසරේ මුල් භාගයේ මැදපෙරදිග හටගත් දේශපාලන හා යුදමය නොසන්සුන්තාවන් හේතුවෙන් දරුණු ලෙස බිඳවැටීමට ලක්ව තිබූ ලෝක තෙල් සැපයුම, ඔක්තෝබර් මාසයේ සිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය, සිය බොරතෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 10.563ක් දක්වා ඉහළ නංවා ඇති බව ඔපෙක්’ සංවිධානය නිකුත් කළ නවතම මාසික වාර්තාවේ සඳහන් වේ.

හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පවතින නාවික අවහිරතා මඟහැරීම සඳහා සෞදි අරාබිය රතු මුහුද දක්වා දිවෙන සිය ‘නැගෙනහිර-බටහිර’ නල මාර්ගය සහ වෙනත් විකල්ප ක්‍රම ඔස්සේ තෙල් ප්‍රවාහනය අරඹා ඇත.

සෞදි අරාබිය සහ රුසියාව සිය නිෂ්පාදනය ඉහළ නැංවීමත් සමග රටවල සමස්ත තෙල් නිෂ්පාදනය ඔක්තෝබර් මාසය සඳහා බැරල් මිලියන 41.23ක් දක්වා වර්ධනය වී ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel