Advertisements

අයථා ලෙස මුදල් උපයා ගත් යෝෂිතට දින නියම වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව අද (16) දින කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ, මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දිනයක් නියම කරන ලෙසයි.

තවද, දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය එහිදී දැනුම් දීමට අපේක්ෂා කරන බවත් අධිචෝදනා පත්‍රයට සිදු කරන සංශෝධන එහිදී දැනුම් දීමට කටයුතු කරන බවද රජයේ නීතිඥවරයා සඳහන් කරයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස (31) වනදා කැඳවන ලෙස නියම කළේය.

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 59කට ආසන්න මුදලක් බැංකු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest