By unusuma.lk on [last-modified] (LK time)
අයහපත් කාලගුණයෙන් හානියට පත් වැව් අමුණු සහ ඇළ මාර්ග 218ක් පමණ නැවත පිළිසකර කිරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සඳහා රුපියල් බිලියන 12කට අධික මුදලක් දැනටමත් ඇස්තමේන්තු ගත කර ඇති බවයි එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් පැවසුවේ.
ඒ අනුව, ඉදිරි දින 10 තුළදී මහ කන්නයේ වගා කටයුතු සඳහා යොදාගත හැකි වන පරිදි වැව් අමුණුවලින් සියයට 80ක් පමණ පිළිසකර කර අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.






