පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දැන් පුළුවන්.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දැන් හැකියාව ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.

මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන උනන්දුව බලාපොරොත්තු විය යුතු දෙයක් බව, පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් කළ විමසීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

මේ අතර පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා නොහරින බවත් නිසි කාලයට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තමන් සහතික වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.

එනිසා මේ වනවිට පාර්ලිමේන්තුව විසුරුවන බවට පලවන වාර්තා අසත්‍ය බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close