සජබය ඇතුලෙන් පුපුරයි.. ෆොන්සේකා ජනපති සටනට.!

සමගි ජන බලවේග පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු හමුදාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සරත් ෆොන්සේකා කිසිදු දේශපාලන පක්ෂයකට නොබැඳී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත අතර සමගි ජන බලවේග සහ තවත් පක්ෂවල මන්ත්‍රී පිරිසක් ද ඔහු සමග එකතු වීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

ඒ අනුව එළඹෙන ජුනි මාසයේදී සරත් ෆොන්සේකා ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close