කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ.. 96% විභාගය සමත්.!

නිෂ්පාදන සහ ධීවර ක්ෂේත්‍රයන්ට අදාලව පවත්වනු ලැබූ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව වාර්තා වේེ.

විභාගයට පෙනී සිටි ඔඉරිස් අඝරින් අයදුම්කරුවන් 3,422 දෙනෙකු සමත්ව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වාර්තා කර ඇත.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3,580 ක පිරිසක් පෙනී සිටි බව සඳහන් අතර ඉන් සමත් වූ සංඛ්‍යාව මුළු පුද්ගලයින් සංඛ්‍යාවෙන් 95.6% කි.

මෙම විභාගයේ ප්‍රතිඵල www.slbfe.lk වෙබ් අඩවියේ මැයි 27 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙන අතර, සමත් අයදුම්කරුවන්ගේ වෛද්‍ය පරීක්‍ෂණය මැයි 28 වැනිදා සිට ආරම්භ කෙරේ.

සමත් අයදුම්කරුවන්ගේ අදාළ සම්මුඛ පරීක්ෂණ ජුනි මස 6, 7 සහ 10 යන දිනයන්හිදී කාර්යාංශයේ පළාත් කාර්යාල, විගමනික සම්පත් මධ්‍යස්ථාන සහ පුහුණු මධ්‍යස්ථානවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close