වෛද්‍ය ෂාෆි සංවේදී වෙයි.. “මේ රට දාල යනවනම් මුලින්ම යන්න ඕනෙ මම”

ගැබිනි මව්වරුන් තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය කිසිවිටෙකත් කඩ නොකළ බව වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි පවසයි.

අවස්ථාවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව සහ ජනමධ්‍ය අවභාවිත කිරීම යන තේමාව යටතේ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වෛද්‍යවරයා එහිදී පැවසුවේ කුරුණෑගල අවට ගැබිණි මව්වරුන් තවමත් දරු ප්‍රසූතිය සඳහා තමන් වෙත පැමිණෙන බවයි.

“අපි හැමෝම මේ රටට ආදරෙයි, අපි හැමෝම ඉදිරි පරම්පරාවට හොඳ රටක් හදන්න ඕන කියන මතයෙන් ජීවත් වෙන කෙනෙක් මම.

මට කළ අපරාධය නිසා මේ රට හැර යා යුතු යැයි සිතන පළමු පුද්ගලයා මම විය යුතුයි, ඒත් මම කවදාවත් එහෙම හිතුවේ නැහැ.

මම ඒ දවස් ගත කළේ ඔබ කවුරුත් දන්නා මාකඳුරේ මධූෂ් සමඟයි. ඔහු තුළ මා දුටු මනුෂ්‍යත්වය පාර්ලිමේන්තුවේ සුදු ඇඳගත් අය තුළ දක්නට ලැබුණේ නෑ.

සමස්ත සිංහල ජනතාව වෙනුවෙන් සමාව ගත් අය ඕනෑතරම් ඉන්නවා. කරුණාගල ශික්ෂණ රෝහල මගේ මහ ගෙශර බව මම විශ්වාස කරනවා.

මගේ වෛද්‍ය ජීවිතය තුළ මම කවදාවත් මුස්ලිම් වෛද්‍යවරයකු ලෙස සේවය කර නැහැ. සිංහල ජනතාව මාත් එක්ක එක පෙළට ඉන්නවා.

මම කවදාවත් ඒ විශ්වාසය නැති කර ගත්තේ නැහැ. මේ ආත්ම විශ්වාසය මත නැවත කුරුණෑගල ශික්ෂණ රෝහලට යන එක හරි යැයි මට හිතුනා

අදත් සමහරු සිසේරියන් කරනකොට කියනවා. සර් මට සමාවෙන්න සර්.. මම ඔයාට විරුද්ධව පැමිණිල්ලක් දැම්මේ සමාජය තුල ඇතිවුණ වැරදි මතය නිසා කියලා.

මේ බෞද්ධ දර්ශනය අනුගමනය කරන රටක් අනෙක් රටවලට ආදර්ශමත් විය යුතුයි.”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close