ඉරණම දුටු තවත් පිරිසක් අඩියක් පස්සට ගනී.!

රජයේ කැබිනට් ඇමතිවරුන්ද ඇතුළු හිටපු මැති ඇමතිවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.

ඒ අතර පසුගිය‍ ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා සහ පසුගිය ආණ්ඩුවේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් මහතාද සිටිනා බව වාර්තා වෙයි.

එමෙන්ම එක්සත් ජතික පක්ෂයේ උපලේකම් ලෙස කටයුතු කළ අකිල විරාජ් කාරියවසම් මහතාද ඉදිරිපත් නොවනා බවට ප්‍රකාශයක් කර තිබේ.

එමෙන්ම අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා මහ මැතිවරණයට තරඟ නොකරනා බව පැවසීය.

එමෙන්ම පොහොට්ටුවේ ප්‍රභලයෙක් වන චමල් රාජපක්ෂ මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව සඳහන් කර ඇති අතර එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ බව දැනුම්දී තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.