වඩාත් යහපත් අයවැයක් ඉදිරිපත් කරනවා.!

වඩාත් යහපත් අයවැයක් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේග ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ඉදිරිපත් කරන නව අයවැයේදී රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම කෙරෙහි අවධානය දැනටමත් යොමුකොට ඇති බවත් ගෑස් පෝලිම්, තෙල් පෝලිම් කිසිවක් ඇතිවීමට ඉඩනොදී රට යථා තත්ත්වයට පත්කරලා තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“අපේ අර්ථික උපදේශකවරයෙක් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් තිබෙනවා. වඩාත් යහපත් අයවැය ලේඛනයක් සකස් කරගැනීම සඳහා. අපේ යෝජනා පිළිබඳව. අපිට කිව්වේ මොකක්ද.? දාලා යයි, ගෑස් පුපුරයි, තෙල් පෝලිම් එයි කියලා. අපි ඒ කිසිවක් සිදුවෙන්න ඉඩනොදී රට යථා තත්ත්වයට පත්කරලා තියෙනවා.”

මහ මැතිවරණය වෙනුවෙන් රත්නපුරයේ පැවති ජන රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments