අද (10) දින නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනය තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත අතර එය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
එම ගැසට් නිවේදනය මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් එය ජුනි 01වනදා සිට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට අදාළ තහනම පැනවේ.
එම තහනමට අනුව ප්ලාස්ටික් පයිප්ප සහ උපාංග, ප්ලාස්ටික් පිඟන් භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ, ප්ලාස්ටික් සනීපාරක්ෂක වැසිකිළි උපාංග, එක් වරක් පමණක් භාවිත කළ හැකි කෝප්ප, ප්ලාස්ටික් හැදි, ගෑරුප්පු, පිහි, ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි, කෘතිම මල්, කොළ සහ පළතුරු ආදියද ආනයනය තහනම් කිරීමට නියමිතය.