By unusuma.lk on
(LK time)කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ෆෙන්ගල් සුළිකුණාටුව පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළිකුණාටුව 2024 නොවැම්බර් (30) වැනි දින ප.ව. 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 420ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 280 පමණ උතුරු දෙසින් පිහිටා තිබුණි.
එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් (30) දින සවස් කාලයේදී උතුරු තමිල්නාඩු – පුදුවෙරි වෙරළ වෙත ලඟා වනු ඇත.
මෙම පද්ධතිය ඉන්දියාව තුලට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇති අතර දිවයිනේ කාලගුණයට එමගින් ඇතිවන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතින බවද සදහන් කරයි.
උතුරු පළාතේ අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද සදහන් කරයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව සදහන් කරයි.
දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සදහා අවධානයෙන් සිටින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.