By unusuma.lk on
(LK time)ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යටතේ තිබෙන පොලිස් කොට්ඨාස 09ක් සදහා 2022 ජනවාරි (01) දිනට අනුයුක්ත කර සිටි 3,884ක් වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 2023 ජනවාරි (01) දිනට 4,859ක් දක්වා වැඩිකර තිබූ බව විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.
ඒ නිසාම පසුගිය 2018 වසරේ සිට 2022 දක්වා රුපියල් මිලියන 4,342ක් වූ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ සාමාන්‍ය වාර්ෂික වියදම 2023 වර්ෂයේදී රුපියල් මිලියන 5,833ක් දක්වා වැඩි වී තිබුණ බවද විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.
එම මුදල් ප්‍රමාණය 2022 වසරට සාපේක්ෂව 2023 රුපියල් මිලියන 1,491ක වර්ධනයක් බවත් 50% කට ආසන්න නිලධාරි හිගයක් පවතිද්දී ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් අනවශ්‍ය ලෙස පොලිස් නිලධාරීන් අනුයුක්ත කර නාස්තිකාර වැය බරක් දැරීම විශාල ජාතික අපරාධයක් බව පොලිස් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ආරක්ෂාව සැලසීමට අදාළ පොලිස්පතිවරයාගේ 2020 සැප්තැම්බර් (30) දිනැති 2687/2020 චක්‍ර ලේඛයට පටහැනිව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රභූ ආරක්ෂාව සදහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ කමිටුව මගින් 2023 වර්ෂය තුළ අදාළ නිලයේ නොමැති හා වෙනත් අය සදහා ද ප්‍රභූ ආරක්ෂාව සලසා තිබූ බවද අදාළ විගණන වාර්තාවේ සදහන් වේ.
ප්‍රභූ ආරක්ෂාව සැලසිය හැකි පුද්ගලයන්ට අනුමත සීමාව ඉක්මවා වසර ගණනාවක් ප්‍රභූ ආරක්ෂකයන් අඛණ්ඩව අනුයුක්ත කර තිබූ බවත් ඒ වෙනුවෙන් වූ නෛතික ප්‍රතිපාදන විගණනයේදී අනාවරණය නොවූ බවත් විගණන වාර්තාවේ සදහන් වේ.
1865 අංක 16 දරන පොලිස් ආඥා පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අනුව 2014 දී සංශෝධය කළ යුතු ක්ෂේත්‍ර 16ක් හඳුනාගෙන තිබූ බවත් ඒ සදහා 2014 නොවැම්බර් (19) වැනිදා කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන බවත් අදාළ විගණන වාර්තාවේ සදහන් වේ.
වසර 149ක් පැරැණි පොලිස් ආඥා පනත වර්තමාන හා අනාගත සමාජීය හා තාක්ෂණික සංවර්ධන අවශ්‍යතාවයට ගැළපෙන පරිදි යාවත්කාලීන කර සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබුණ ද 2024 අප්‍රේල් මාසය වන විටත් පනත සංශෝධනය වී නැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.