අධිවේගයේ හොරු තවමත් වැඩ.. ජීවිත අනතුරේ.!

මේ වනවිට තවමත් කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ භූගත විදුලි රැහැන් කපා සොරකම් කිරීම සිදුවන බවට තොරතුරු වාර්තා වේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් ඇතුළු තවත් පුද්ගලයින් විසින් සිදු කරනු ලබන මෙම විනාශය හේතුවෙන් රාත්‍රි කාලයට එම මාර්ගය දැඩි අඳුරේ පැවතීම හේතුවෙන් මාර්ගය භාවිත කරන රියැදුරන් දැඩි අපහසුතාවට පත්ව ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදී එලෙස කපාගෙන ගොස් තිබූ භූගත විදුලි රැහැන් පද්ධතියේ කොටස් යළි අලුත්වැඩියා කළද එලෙස එම අලුත්වැඩියා කළ කොටස් ද සොරුන් විසින් කපාගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

සොරුන් විසින් මේ වනවිට රාත්‍රි කාලයට අමතරව දහවල් කාලයේදී ද මෙම සොරකමේ නිරත වීමට හුරුවී ඇති අතර අවස්ථා කිහිපයක එම නිලධාරීන් විසින් එලෙස විදුලි රැහැන් කැපීමේ නිරතව සිටි පුද්ගලයින් අල්ලා පොලිසිය වෙත භාරදීමට කටයුතු කළත් තවමත් එම සොරකම්වල අඩුවක් දක්නට නොලැබේ.

නොනවත්වා සිදු කරන මෙම විදුලි රැහැන් සොරකම නතර කිරීමේ අරමුණින් අධිවේගී මාර්ග භාරව රාජකාරී කටයුතු කරන නිලධාරීන් කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ රාත්‍රි ජංගම මුර සංචාරයන් ද අරඹා ඇත.

සෑම දිනකම රාත්‍රි 8.00 සිට පසුදින උදෑසන දක්වා මෙම මුර සංචාර ක්‍රියාත්මක කරන අතර එම සංචාරයන්වලදී අධිවේගී මාර්ගයේ භූගත විදුලි රැහැන් පද්ධතියට හානි සිදුකරන පුද්ගලයින් සහ හානි සිදුකිරීම් පිළිබඳ නිරීක්ෂණය වී ඇත.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් ඇතුළු ඇතැම් පිරිස් සිදු කරන මෙම මහජන දේපළ හානිය පිළිබඳ අවස්ථා කිහිපයකදී අදාළ වගකිවයුතු අංශ දැනුවත් කළ තිබුණත් තවමත් ඒ සදහා ස්ථීර විසඳුමක් ලබාදීමට කටයුතු කර නැත.

ඒ හේතුවෙන් දිනෙන් දින හානියට පත්වන කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ රාත්‍රි කාලයේ ගමන් ගන්නා රියැදුරන් සහ පුද්ගලයින්ගේ ජිවිතවලට එල්ල වී ඇත්තේ දැඩි අවදානමකි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.