By unusuma.lk on
(LK time)ලෝකයේ සිදුවන වෙනස්කම්වලට ගැළපෙන ලෙස කටයුතු කළ හැකි ලෙස යාවත්කාලීන වන රාජ්‍ය සේවයක අවශ්‍යතාව වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් 1,500කට ඉන්දියාවේදී පුහුණුවක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
අද පවතින්නේ රාජ්‍ය සේවයේ තිබෙන පුටු පිළිබඳ ප්‍රශ්නය නොවන බවත් ඒ පුටුවලට අසුන් ගන්වන්න ඉන්නේ කවුද යන්න පමණක් බවත් ලෝකයේ සිදුවන වෙනස්කම් ගළපා ගනිමින් තම ක්ෂේත්‍රයට නායකත්වය දෙමින් ඒ ක්ෂේත්‍රය ජයග්‍රහණය කරා මෙහෙය වීමට සමත් වන පුටුවල හිස්කමක් ඇති බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කර දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා ඒවා පිළිබඳ තීරණ ගන්නා බවත් රාජ්‍යයක් ලෙස මුළු පද්ධතියම බිඳ වැටී ඇති බවත් බිඳ වැටී ඇති පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සූදානම්ද නැද්ද යන්න අප විසින් අපගෙන්ම විමසා බැලිය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
ඇතැම් රාජ්‍ය ආයතන මෙන්ම තනතුරු පවා ගොඩනැඟුණේ කුමන පදනමකින්ද යන්න ගැටලුවක්ව පවතින බැවින් රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට නව කමිටුවක් පත් කළ බවත් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
පසුගියදා පැවැති දිසාපතිවරුන්ගේ හමුවකට සහභාගි වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.