By unusuma.lk on
(LK time)මගීන් 67 දෙනෙකු ගමන් ගත් ගුවන් යානයක් කසකස්තානයේ අක්ටාවු නගරය ආසන්නයේ කඩා වැටී ඇති අතර මූලික වාර්තා අනුව දිවි ගලවා ගත් අය සිටි බව කසකස්තානයේ හදිසි අවස්ථා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර ඔවුන් රෝහල් ගතකර ඇති බවත් තුවාල ලැබූවන් අතර තිදෙනෙකු කුඩා දරුවන් බවද කසකස්තානයේ හදිසි අවස්ථා අමාත්‍යාංශය සදහන් කරයි.
ගුවන් යානය කඩාවැටීමත් සමග ගින්නක් හටගෙන ඇති නමුත් පසුව එය නිවාදමා ඇති බවත් ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර Embraer 190 වර්ගයේ ගුවන් යානයේ මගීන් 62ක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිට ඇත.
“Azerbaijan Airlines” ගුවන් යානය Baku සිට Grozny දක්වා පියාසර කරන J2-8243 ගුවන් යානයක් වන “Embraer 190” ගුවන් යානය Aktau නගරයට කිලෝමීටර් 3 ක් දුරින් හදිසි ගොඩබෑමක් සිදුකර ඇති බවද සදහන් කරයි.
පවතින මීදුම් සහිත තත්ත්වය නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව දැනට සිදුකෙරෙන විමර්ශනවලදී අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.