ඓතිහාසික තැපෑලත් අලුත් වෙයි.!

රජය විසින් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

තැපැල් දෙපාර්තමේන්තුව නිසි අරමුණකින්, සැලසුම් සහගතව කටයුතු කරන බව පෙනී යන බවත් රජයේ අරමුණ පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් මෙම ඓතිහාසික සේවාව ජාතික සේවාවක් ලෙස නවීකරණය කර පවත්වාගෙන යාම බවද අමාත්‍යවරයා සදහන් කරයි.

කොළඹ ශ්‍රී ලංකා තැපැල් මූලස්ථානයේ වත්මන් සේවා කටයුතු සහ ඉදිරි සැලසුම් නිරීක්ෂණයට ලක් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී තැපැල් සේවයේ සියළු වෘත්තීය සමිති නියෝජිතයින් හමුවෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.