සජිත්ගේ ආර්ථික ඔස්තාර්ලාට සබ්‍රි දුවන්න දෙයි.!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටුනු 2022 වසරේදී රට භාරගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට මහා භාණ්ඩාගාරයේ දත්ත ඉදිරිපත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විසින් තමා ඇතුළු කණ්ඩායම දැන්වූ බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සදහන් කරයි

අනතුරුව අවශ්‍ය ලේඛන විපක්ෂ නායක කාර්යාලයට යැවූ බවත් ආර්ථික මොළයැයි හඳුන්වන හර්ෂද සිල්වා, කබීර් හශීම්, එරාන් වික්‍රමරත්න සමඟ සජිත් ප්‍රේමදාස ඒ අවස්ථාවේ විපක්ෂ නායක කාර්යාලයේ සිටි බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍ය අලි සබ්‍රි තවදුරටත් සදහන් කළේ,

” මා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමඟ එක්ව ජන හමුවක් අමතන පළමු අවස්ථාව මෙයයි. 2019 දී නීතිඥ වෘත්තීය පැත්තකින් තියලා, රට තිබූ තැනින් ඉදිරියට ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කළා. නමුත් කොවිඩ් වසංගතය සහ පැවති ආර්ථික අර්බුදය නිසා ඉන්ධන, ගෑස් පෝලිම් යුගයක් ආරම්භ වුණා.

ඒ වෙලාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායකවරයා කැඳවා රට බාර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලීමක් කලා. ඒ අවස්ථාවේ මහා භාණ්ඩාගාර ලේඛන දෙස බලා විපක්ෂ නායකතුමා හා එම පක්ෂයේ ඉන්නවා කියන ආර්ථික ඔස්තාර්ලා ඉදිරි මාස 06 තුළ ආර්ථිකය පුපුරනවා කිව්වා.

නමුත් ඊට වෙනස් ලෙස ආර්ථික ප්‍රශ්නය දැක රනිල් වික්‍රමසිංහ රට බේරා ගැනීමට ඉදිරිපත් වුණා. ජාතික ආරක්ෂාව කියන්නේ සීමා බෙදා බේරා ගැනීම නොවෙයි. රටක් ලෙස රටවලින් යැපීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම ජාතික ආරක්ෂාවේ මුල් කටයුත්තයි.

එය නියමාකාරයෙන් සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකිවුණා. එතුමාගෙ දක්ෂතාව ගැන එක් උදාහරණයක් කියන්නම්. පසුගිය දවසක බංගලාදේශයේ අගමැතිතුමිය මට හමුවුණා. ඇමරිකානු ඩොලර් 200ක ණය මුදල ශ්‍රී ලංකාව ආපසු ගෙවනු ඇති බව කිසිවිටක හිතුවෙ නෑ කියා එතුමිය කිවා.

අද රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ඉරාන ණය වාරික පවා මේ වනවිට ගෙවීම් ආරම්භ කර තිබෙනවා. මේ සියල්ල සිදු කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආර්ථික දැක්ම නිසයි. යළි නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට පමණක් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.”

මාතර පැවති ජනහමුව අමතමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close