චීනය සහ රුසියාව විසින් ඉරානයට සහාය වීම සඳහා දරන උත්සාහයන් පිළිබඳව අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.
එනිසා අවශ්‍ය සෑම අවස්ථාවකදීම එම මැදිහත්වීම් වලට එරෙහිව ක්‍රියා කරන බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (31) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කරයි.
මැදපෙරදිග ගැටුමේ ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක වනු ඇති බවත් ඉරාන සන්නද්ධ හමුදාවලින් සෙබළුන් විශාල වශයෙන් පලායෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කරයි.
රුසියාව සහ චීනය ඉරානයට උදව් කරන ආකාරය පිළිබඳව අමෙරිකාව නිවැරදිව දන්නා බවත් ඒ සියල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන නමුත් අවශ්‍ය තැන්වලදී ඔවුන්ට සෘජුව මුහුණ දෙන බවද ඔහු සඳහන් කරයි.
ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කළේ,
“අප සතුව විකල්ප වැඩි වෙමින් පවතිනවා, නමුත් ඉරානයට ඇති විකල්ප සීමිතයි. ගතවූ එකම මාසය තුළ අප යුද්ධයේ කොන්දේසි තීරණය කර අවසන්. ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.”

