පාසල් දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කළ විදුහල්පති රිමාන්ඩ්.!

පාසල් සිසුන් 11ක් සමග ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමේ සිද්ධිය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පාසල් නිමවී අදාළ සිසුන්ට නිවෙස් බලා යෑමට බස් රථයක් නොමැති හෙයින් ට්‍රැක්ටර් රථයෙන් යන ලෙසට උපදෙස් ලබාදී අනතුරුව මුදල් ලබාදී ට්‍රැක්ටර් රියදුරුට දරුවන් නිවෙස් වෙත රැගෙන යෑමට උපදෙස් ලබාදී ඇත්තේ ද එම විදුහල්පතිවරයා බවට පොලිස් විමර්ශන වලදී තොරතුරු අනාවරණය වී ඇත.

පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් බස් රථය ධාවනය කිරීම නතර කර ඇති අතර ගංවතුර හේතුවෙන් මාර්ගය අවදානම් බැවින් ට්‍රැක්ටර් රථයෙන් දරුවන් ප්‍රවාහනය නොකරන ලෙස හමුදාව එහිදී උපදෙස් ලබාදී තිබූ බවද අනාවරණය වී ඇත.

එවන් පසුබිමක සිසුන් 11 දෙනෙකු සමග ට්‍රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළී ගොස් තිබූ අතර එම මොහොතේදී සිසුන් 5 දෙනෙකු දිවි බේරාගත් අතර තවත් සිසුන් 6 දෙනෙකු දියේ ගිලී අතුරුදන් විය.

අවුරුදු 12ත් 16ත් අතර වයස්වල පසුවන සිසුන් 6 දෙනෙකු මෙලෙස අතුරුදන් වී ඇති අතර මේ වනවිට සිසුන් 5 දෙනෙකුගේ සිරුරු හමුවී ඇතත් තවත් එක් සිසුවෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමන්තුරෙයි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් (02) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර අනෙක් දෙදෙනා ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.