ෆොන්සේකා හොරෙක් අල්ලගෙන.. අනුර හොරණ හොල්ලයි.!

“පුනරුදයට රටම එකට” යන මැයෙන් ජාතික ජන බලවේගය විසින් ඊයේ (29) හොරණ නගරයේදී සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් එම පක්ෂය නායකයින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරයෙකුගේ පුතෙක් නොවීමට නාගරික මන්ත්‍රීවරයෙකු හෝ වීමට තරම්වත් සුදුසුකමක් නැති පුද්ගලයෙක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක,

“සජිත් ප්‍රේමදාස ජනාධිපති ප්‍රේමදාසගේ පුතෙක් නොවුනානම් මොකක් වෙයිද, ඔහු මෙම ජනාධිපතිවරණයට තරග වදින්නත් එම කඳවුරට නායකත්වය දෙන්නත් එකම සුදුසුකම ප්‍රේමදාසගේ පුතා වීමයි. ඇත්තටම ඔහු ප්‍රේමදාසගේ පුතා නොවුනානම් මම හිතන්නේ මේ හොරණ නගර සභාවේ නාගරික මන්ත්‍රධූරයකටවත් සුදුසු නැති පුද්ගලයෙක්.

එයා ගැන දැන් කතා කරන්නෙ එයාගෙම පක්ෂේ සභාපති සරත් ෆොන්සේකා, ඒක ඇහුවොත් ඇති. අපි එයා ගැන තවදුරටත් කතා කිරීමෙන් පලක් නෑ. මොකද මට මතකයි සජිත් ප්‍රේමදාස එක වෙලාවකදී කිව්වා සරත් ෆොන්සේකාට තමයි එයාගේ ආණ්ඩුවේ හොරු අල්ලන වැඩේ භාර දෙන්න කියලා. එතකොට පාක්ෂිකයෝ අත්පුඩි ගැහුවා. ෆොන්සේකා වැඩේ කරන්න තමයි එන්නේ කියලා.

නමුත් දැන් මොකක්ද වෙලා තියෙන්නේ. ආණ්ඩුව හදන්න කලින්ම ෆොන්සේකා හොරෙක් අල්ලගෙන, කැසිනෝ සල්ලි ගැන කතා කරනවා. ඒ නිසා සජිත්ගේ කඳවුර ගැන අපි කතා කරලා වැඩක් නෑ.

නමුත් අපි කතා කළයුතු කඳවුරක් තියෙනවා, ඒ තමයි රනිල් වික්‍රමසිංහගේ කඳවුර. රනිල් වික්‍රමසිංහ තමයි ජනතාවගේ නැගිටීම මුළුමනින්ම පාවදීලා ජනතා අපේක්ෂාවන් මුළුමනින්ම විනාශයට පත් කරලා පැරණි විනාශකාරී ගමනෙම මේ රට අදගෙන යන්නේ.

ඔහු පහුගියදා පාර්ලිමේන්තුවේදී පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනල්ලා ජනාධිපතිවරයාට වෙන් කරපු මුදල් වලට අමතරව කෝටි 875ක් වෙන් කර ගත්තා. මුළුමනින්ම රනිල් වික්‍රමසිංහ සැලසුම් කර තිබෙනවා එම මුදල් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට යොදවන්න.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close