“රජයේ තක්සේරු වටිනාකමට වඩා අඩුවෙන් පෞද්ගලික ආයෝජන සඳහා ලබා දෙන්නේ නැහැ”

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනු ලබන්නේ රජයේ තක්සේරු වටිනාකමට යටත්ව පමණක් බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සදහන් කරයි.

තක්සේරු වටිනාකමට අඩුවෙන් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික ආයෝජන සඳහා ලබා නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බවද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු තවදුරටත් සදහන් කළේ,

” නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවසාය කිහිපයක් සඳහා ආයෝජකයන් සොයා ගෙන ඒවා ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට රජයේ අවසරය ලබා දී ති‍බුණා.

ඒ අනුව හිල්ටන් හෝටලය වැනි ආයතන සඳහා විනිවිදභාවයෙන් යුක්තව එම ආයෝජන ලබා ගෙන එමඟින් රජයේ භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම, සේවකයින්ට කොටස් ලබා ‍දීම සහ ආයතනය ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට අපේක්ෂා කරනවා.

මෙම ආයෝජන තුළින් බලාපොරොත්තු වන්නේ රජයේ තක්සේරු වටිනාකමට වඩා වැඩි මුදලක් ලබා ගැනීමයි. තක්සේරු වටිනාකමට අඩුවෙන් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික ආයෝජන සඳහා ලබා නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව රජයේ තක්සේරු වටිනාකමට අඩුවෙන් කිසිම පෞද්ගලික ආයෝජකයකුට රාජ්‍ය ව්‍යවසාය ලබා ගැනීමට ඉඩක් නැහැ.”

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS