22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම පනත් කෙටුම්පත් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් සතියකට පසු එය පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර අනතුරුව ඕනෑම පාර්ශවයකට ඒ සම්බන්ධයෙන් අධිකරණයට යෑමට සතියක දෙකක කාලයක් හිමි වේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාග කර දින 03ත් 21ත් අතර කාලය තුළ සිය තීරණය පාර්ලිමේන්තුවට දැන්විය යුතුය.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්පත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 දක්වාද අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 දක්වා ද ඉහළ නැංවෙනු ඇත.
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු මහාධිකරණ දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවෙනු ඇත.

