සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරාම පැවැත්වෙන අවුරුදු උත්සව සහ සංගීත ප්‍රසංග සඳහා අවශ්‍ය කෙරෙන විදුලිය ලබාදීමට විදුලිබල මණ්ඩලය සූදානම් බව අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.
විදුලි බල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර මේ සඳහා විදුලිය ලබාගැනීමේ පහසුකම මේ වනවිට සලසා දී ඇති බවද අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.
එළඹෙන (15) වැනිදා සිට (19) වැනිදා දක්වා විදුලිබල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර එම උත්සව සඳහා විදුලිය ලබාගත හැකි බවද අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.
අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ,
“විවිධ අවුරුදු උත්සව සහ සංගීත වැඩසටහන් තියෙනවා ඉතිං ඒ සඳහා විදුලිය අපි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. අවුරුදු සමයේ ඒ උත්සව සඳහා විදුලිය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා.
ඒ නිසා (15) වැනිදා සිට (19) දක්වා අවුරුදු උත්සය සඳහා විදුලිබල මණ්ඩලයෙන් අවශ්‍ය නම් ගෙවීම් කරලා විදුලිය ලබා ගන්න පහසුකම් ලබා දෙනවා.”

