ඉරානයේ කරාජ් (Karaj) හි පිහිටි උසම සහ වැදගත්ම යටිතල පහසුකම් ව්‍යාපෘතියක් වන B1 පාලම ගුවන් ප්‍රහාරයකින් විනාශ කිරීමෙන් අනතුරුව, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.
ඉරාන B1 පාලම කඩා වැටෙන දර්ශන සිය Truth Social ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ,
“ඉරානයේ විශාලතම පාලම බිමට සමතලා විය. එය නැවත කිසිදා භාවිතා කළ නොහැක. තවත් බොහෝ දේ ඉදිරියට සිදුවනු ඇත.”
“ප්‍රබල රටක් ලෙස පැවතීමට නම් ඉතිරි දේත් විනාශ වීමට පෙර, ප්‍රමාද නොවී ගනුදෙනුවකට එළඹීමට දැන් කාලයයි.”
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් මිසයිල සහ ඩ්‍රෝන උපාංග ප්‍රවාහනය කිරීම සඳහා මෙම පාලම ප්‍රධාන සැපයුම් මාර්ගයක් ලෙස භාවිතා කළ බව අමෙරිකානු නිලධාරීන් සඳහන් කරයි.

