අද (08) දින උදෑසන උතුරු කොරියාව විසින් එරට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මිසයිල වොන්සාන් ප්‍රදේශයෙන් උදෑසන 8:50ට පමණ දියත් කර ඇති අතර ඒවා කිලෝමීටර් 240ක පමණ දුරක් පියාසර කර ඇති බව දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කාර්යාලය (JCS) සඳහන් කරයි.
අදාළ සිදුවීම පිළිබඳ ප්‍රතිචාර ලෙස, දකුණු කොරියානු ජනාධිපති මන්දිරය වන Blue House හදිසි ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මිසයිල පරීක්ෂණ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා ඇති අතර මිසයිල වල ස්වභාවය සහ දියත් කිරීමේ අරමුණු පිළිබඳව දකුණු කොරියානු සහ අමෙරිකානු ආරක්ෂක අංශ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.

