ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන් ඉවත් යෑම පසුගිය 2022 සහ 2023 වසර තුළ කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බැවින් එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම අභියෝගයක් වී ඇති බව සදහන් කරයි.
පසුගිය වසර දෙකක කාලය තුළ පමණක් පළපුරුදු සේවකයන් 99 දෙනෙකු ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය අතහැර ගොස් ඇති බවත් එයට හේතුව වැටුප් වැඩි කිරීමක් නොකිරීම බවද සදහන් කරයි.
එනිසා තවදුරටත් එවන් නිලධාරීන් සේවයෙන් ඉවත්වීම වළක්වා ගැනීම සඳහා වැටුප් ඉහළ දැමීමක් සිදුකළ යුතු බව මහ බැංකු කළමනාකාරීත්වයේ අදහස වී ඇති අතර වැටුප් වැඩි කිරීමට අදාළව පාර්ලිමේන්තු කාරක සභාවට පැහැදිලි කිරීමට සූදානමින් සිටින බවද සදහන් කරයි.