ලක්ෂ 400ක් වටිනා සුපිරි නිවස තහනම් කරයි.!

ගනේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන දැනට විදෙස්ගතව සැඟව සිටින මනෝජ් සුරංග නොහොත් “බටුවත්ත චාමර” යන අයගේ බිරිඳගේ නමින් මිලදී ගෙන ඇති ජා ඇළ වැලිගම්පිටියේ රුපියල් ලක්ෂ 400ක වටිනාකමකින් යුත් තෙමහල් නිවසක් දින 7ක කාලයක් සඳහා තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය (13) පියවර ගෙන ඇත.

විදෙස්ගතව සැඟව සිටින මනෝජ් සුරංග නොහොත් “බටුවත්ත චාමර” නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදලින් මෙම නිවස මිලදීගෙන ඇති බවට සාධාරණව විශ්වාස කිරීමට තරම් කරුණු අනාවරණ වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

මෙම නිවස වෙනත් පිරිසක් මීට මාස දෙකකට පමණ පෙර කුලී පදනම මත ගෙන වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එහි සිටි වැඩිහියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් 4 දෙනෙකු (13) දින ඉන් පිටව ගියහ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments