විනාඩ් 10ක් තුළ හමුදා කඳවුරු ඇතුළු 100කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර එම ගුවන් ප්‍රහාර හේතුවෙන් රට පුරා විශාල පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාලකරුවන්ගෙන් එරට රෝහල් පිරී පවතින බවත් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් යට බොහෝ පිරිසක් සිරවී සිටින බවට විශ්වාස කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විනාඩි 10ක් ඇතුළත හිස්බුල්ලා සංවිධානයට අයත් විධාන මධ්‍යස්ථාන සහ හමුදා කඳවුරු 100කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය සඳහන් කරයි.

බේරූට් අගනුවර, දකුණු තදාසන්න ප්‍රදේශ, දකුණු ලෙබනනය සහ නැගෙනහිර බෙකා නිම්නය එම ප්‍රහාරවල ඉලක්ක වු අතර ඊශ්‍රායලය මෙය හඳුන්වනු ලැබුවේ, මෙම ගැටුමේ මෙතෙක් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ලෙසයි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest