මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම 75%ක අගයක පවතින බවත් මේ හේතුවෙන් මෙවර කන්නය සඳහා ජලය ලබාදීමේ හැකියාව පවතින බවද එහි අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) එල්.එස් සූරියබණ්ඩාර සඳහන් කරයි.
අධ්‍යක්ෂ (ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ) එල්.එස් සූරියබණ්ඩාර සඳහන් කළේ,
“ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම් මේ වන විට පහළ මට්ටමක පවතින්නේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ජලාශ 73න් බොහෝ ජලාශවල ජල මට්ටම සාමාන්‍ය අගයක 75% ඉක්මවා තිබෙනවා.
ඒ නිසා මෙවර කන්නය සඳහා ජලය ලබා දීමට හැකියාව පවතිනවා. පානීය ජල අවශ්‍යතාවයන් සඳහා ගංගාවලින් ජලය ලබා ගන්නා ස්ථානවල කරදිය ඇතුල්වීමේ හැකියාව පවතින්න පුළුවන්.
විශේෂයෙන්ම නිල්වලා, කැලණි සහ කළු යන ගංගාවල. ඒ නිසා ජනතාව හැටියට ජලය ඉතාම පරිස්සමින් පරිහරණය කරන්න.”

