අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු පහතට.. බස් සංගමයෙන් රජයට අවවාදයක්.!

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ත මහතා සඳහන් කළේ අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධන ජාතික ප්‍රතිපත්තියට අනුකූලව බස් ගාස්තු මිල සංශෝධනය කිරීමට කටයුතු කරනා බවයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට 5.27% ප්‍රමාණයකින් බස් ගාස්තු මිල පහත දමනා බවත්, වර්තමානයේ රුපියල් 30ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 28ක් බවට පත්වන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් නැවත තෙල් මිලෙහි අඩුවීමක් සිදුවුවහොත් බස් ගාස්තු මිල පහත දැමීමක් සිදු නොකෙරනා බවට රජය සමඟ වූ එකඟතාවය මත මෙම මිල සංශෝධනය සිදුවන බවද ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා පවසා සිටියේ පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් රජය විසින් තම සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයන් සඳහා අභියෝගයක් එල්ල කරන්නේ නම් ඒ සඳහා කිසිවිටකත් බිය නොවන බවත් ඒ වෙනුවෙන් පිළිතුරු දීමට පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සූදානම් බවත්ය.

එමෙන්ම ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ බස් ගාස්තු මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබා ගැනීමට ඒ සඳහා අවශ්‍ය මාරු කාසි ලබාදීමට කටයුතු කරනා ලෙසයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close